පිය පුතු ගැටුමක් බේරීමට ගිය තරුණයා ට අත්වූ ඉරණම

නෙළුව පින්කන්දහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 20 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ. අසල්වැසි නිවසක පිය පුතු අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා එම නිවසට ගොස් සිටියදී අදාළ තරුණයා මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. බරපතළ තුවාල ලැබු ඔහු මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා උඩුගම රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී මෙම තරුණයා මියගොස් ඇත. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.