රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවකු ඊයේ (02) සවස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති අතර ඔහු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
ඊයේ සවස ගන්දර පොලිස් වසමේ තලල්ල, සීතගල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාවික මුහුදු තටාකයක් යැයි හැඳින්වෙන ස්ථානයේ රුහුණු විශ්ව විද්‍යාලයට අයත් කඹුරුපිටිය ගම්උදාව තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන් 17දෙනෙකු දිය නාමින් සිට ඇත.
එහි දී උදම් රළට හසුව සිසුන් තිදෙනෙකු ගසා ගෙන ගොස් තිබේ.
ප්‍රදේශවාසීන් විසින් ඉන් දෙදෙනෙකු බේරාගෙන මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇත.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ තල්ගම්පල, ගාල්ල ප්‍රදේශයේ අයෙකි.
පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතුවල නිරතව සිටින බව ගන්දර පොලිසිය පවසයි.