කොළඹ ගාලු පාර අම්බලන්‌ගොඩින් වසා දමයි

මුහුදු රළ ඉතාමත් දරුණු ලෙස ගොඩබිමට පැමිණීම හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උස්මුදුනාව හංදියේ සිට හික්කඩුව, කුමාරකන්ද හංදිය දක්වා වූ මාර්ගය තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි.

අද සවස නිරිතදිග මෝසම් සුළං වඩාත් තීව්‍ර වීම හේතුවෙන් නිරිතදිග වෙරළ තීරයේ අම්බලන්ගොඩ, කහව, තෙල්වත්ත, හික්කඩුව, ගාල්ල, වැලිගම, මිරිස්ස, මාතර ආදී ප්‍රදේශ රැසකට මුහුදු රළ වඩාත් උස්ව නැගිණි. මේ හේතුවෙන් මාර්ග රැසක් මුහුදු ජලයෙන් යට වූ අතර වෙරළ අයිනේ නවතා තිබූ බෝට්ටු පවා මහා මාර්ගයට පැමිණ තිබිණි.

Leave a Reply

Your email address will not be published.