ඩිලාන් ,අනුරුද්ධ හා කසුන් CIDයෙන් පිටව යයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙපලක් වන ඩිලාන් සේනානායක, අනුරුද්ධ බංඩාරට හා කසුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදු කළ කැඳවීමක් අනුව අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටි ඉන් පිටතට පැමිනෙනු ලැබුවා.

එහිදී අදහස් දැක්වු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක,

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව උදෑසන 1030 සිට පැය 0330ක කාලයක් අපගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.අප අරගලයේ face book live යද්දි විවිධ පුද්ගලයින්ගෙ නම් සදහන් කරනු ලැබුවා ඒ පුද්ගලයින්ගෙන් ලැබුන පැමිණිල්ලක් විභාග කරන්න තමයි අපිට එන්න කියල තිබුනෙ.අපි සාමාන්‍ය පුද්ගලයො වශයෙන් රුකියා කරමින් ඉද්දි මේ ආණ්ඩුව.ජනාධිපතිවරයා අපිව පාරට ඇදල දැම්ම. අපි දිගින් දිගටම දකිනවා ආණ්ඩුව අරගලයේ තොරතුරු සන්නිවේදනය කරනු ලබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවන් මර්ධනයට කටයුතු සිදු කරනු ලබමින් සිටිනවා.අපට තවත් කැදවීමක් සිද්ධ වෙයි කියල නිළධාරී සදහන් කලා.මේව කරල අපිව නතර කරන්න බෑ.අද මේ මාධ්‍යවේදීන් කැමරා අරන් මෙතනට අවිල්ල ඉන්නෙ අරගලය ශක්තිමත් කරන්න.මේ විදියට ආණ්ඩුව සමාජ ක්‍රියාකාරීන් මර්ධනය කිරීමෙන් අපිට පෙනී යනව අපි කොච්චර බලයක් යොදනවද මේ අරගලය ශක්තිමත් කරන්න කියල. අපි ගෝඨාභය රාජපක්ෂට,රනිල් වික්‍රමසිංහට හා දුර්වල ආණ්ඩුවට කියන්න කැමතියි දැන් තමයි යන්න තියෙන හොදම වෙලාව කියල. මොකද මිනිස්සු හරි විදියට අරගලයේ සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් තොරතුරු ලබා ගන්නවා. ගමේ සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරියාගේ සිට කොළඹ සිට ක්‍රියාත්මක වන අනුරුද්ධ අපි ඇතුථ හැම දෙනාම ජනතාවට නිවරදි තොරතුරු සන්නිවේදනය කරනව. සමාජ මාධ්‍ය ක්‍රියන්නෙ ජනමාධ්‍ය වල වැසී තිබෙන දොරටු විවෟත කරල දෙන විශාල ද්වාරයක් කිව්වොත් නිවරදියි. අරගලය ශක්තිමත් කරන්න සමාජ මාධ්‍ය ක්‍රියාකරුවො හැටියට අපි ඉදිරියටත් ක්‍රියා කරනවා.

මෙහිදී අදහස් දැක්වු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බංඩාර,

මේ ජනතා අරගලයේ අවසන් රුල්ල අපි ආරම්භ කරල තිබෙනවා. මේ මස 09 වෙනිද මේ රටේ ජනතාව කොළඹට එන්න ලොකු උත්යෝගයකින් බලන් ඉන්නව. ඒ සම්බන්දව මා විසින් පල කරන ලද පොස්ටුවක් සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගන්න අද මට එන්න කියල තිබුනෙ. ආණ්ඩුව දැන් බය වෙලා ඉන්නෙ. අපි ගාල්ලෙදි දැක්ක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්ධනය කරනවා. තෙල් පෝලිම් වල අදහස් ප්‍රකාශ කරන මනිස්සුන්ට ගහනව අපි දැක්ක.රට පුරාම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අපි වගේම මෙතනට ගෙනල්ල ඔවුන්ව මර්ධනය කරන්න උත්සාහ කරනව. අපි මේ සටන කරන්නේ ක්‍රමයේ වෙනසකට.

Leave a Reply

Your email address will not be published.