උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට

මේ වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා මේ බව පැවසීය.

මේ අතර 2021 වසරේ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස දී නිකුත් කරන බව ද ප්‍රකාශ කළහ.

මේ අතර මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන නෙැවැම්බර් මස 27 වැනිදා පැවැත්වෙන බව ද 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.