කෝටි 19ක රන්-විදෙස් මුදල් ගුවන්තොටින් පන්නන්න හැදූ තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 19ක් වටිනා ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා(03) රාත්‍රී ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. කිලෝ ග්‍රෑම් අට හමාරක් බරැති ස්වර්ණාභරණ සහ දෙකට කපා සකස් කළ රන් බිස්කට් මෙන්ම අමෙරිකානු ඩොලර් 75,000ක් සහ යුරෝ 18,000ක විදේශ මුදල් තොගයක් ද මොවුන් තිදෙනා තම ගමන් මලු සහ ඔවුන් ඇඳ සිටි කලිසම් සහ කමිස සාක්කුවල, විශේෂයෙන් සකස් කළ ව්‍යාජ පතුල් තුළ සඟවාගෙන සිටි බව ගුවන් තොටුපළ රේගු නිලධාරීයකු පැවසීය.

Leave a Reply

Your email address will not be published.