ඉන්දියාව ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතියක් අත්හදා බලයි

සතුරු තර්ජන මැඬ පැවැත්වීම සඳහා ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වන අධි සංවේදී මෙවලමක් ඉන්දියාව විසින් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ. අබ්යාස් නමින් හඳුන්වනු ලබන මේ ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතියේ අත්හදා බැලීම පසුගියදා ඔඩීසා ප්‍රාන්තයේ වෙරළ තීරයේදී සිදු කළ බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය.

අධික වේගයෙන් ගුවන් ඉලක්ක හඹා යෑමේ ඉහළ හැකියාවකින් සමන්විත නවතම ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතිය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් නිර්මාණය කර ඇති අතර, ඊට ඕනෑම සතුරු තර්ජනයක් හඳුනා ගැනීමේ හැකියාව ඇතැයි ද වාර්තා වේ.

අතිනවීන රේඩාර් පද්ධතියකින් ද සමන්විත අබ්යාස් අධිවේගී ගුවන් නියමු පද්ධතිය ස්වයංක්‍රීයව පියාසර කරන බවත්, ලුහු බැඳීම් සඳහා සංවේදී තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන බවත් පැවැසේ. බැංගලෝර් කේන්ද්‍ර කරගත් අභ්‍යවකාශ සංවර්ධන ආයතනය විසින් වැඩිදියුණු කර ඇති අබ්යාස් ස්වංක්‍රීය ගුවන් නියමු පද්ධතිය අත්හදා බැලීමට පෙර පරීක්ෂණ රැසකට භාජනය කර ඇත.

Leave a Reply

Your email address will not be published.