ඉන්දියාවේ ගංවතුරින් මිලියන ගණනක් පීඩාවට

ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියනයක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇත. 

දහස් ගණනක් සහන කඳවුරුවල රඳවා ඇතියි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය මත දහස් ගණන් ජනයා ආහාර, ඖෂධ සහ පානීය ජලය ලබා ගැනීම වෙනුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී තිබේ. 

ඉන්දීය හමුදාව සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය ප්‍රාන්තයේ සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

148,000 කට වැඩි පිරිසක් ප්‍රාන්තය පුරා ස්ථාපිත කර ඇති සහන කඳවුරු 299 ක සිටින බව ඇසෑම් ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.

Leave a Reply

Your email address will not be published.