ඩීසල් නැව් දෙකක් 10 සහ 17 දිනවල මෙරටට

ඩීසල් නෞකා දෙකක් මේ 10 දා හා 15-17 අතර දිනවල මෙරටට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු‍වේදි ඊයේ (6) ප්‍රකාශ ක‍ළේය.

මේ 8-9 දින අතර පැමිණීමට නියමිතව තිබූ නෞකාව 10 දා පැමිණෙන අතර 22-23 අතර පෙට්‍රල් නෞකාවක් ද පැමිණීමට නියමිත බව ඇමැතිවරයා පැවසීය.

ඉන්ධන නැව් පහක් මෙරටට ළඟා වීමට නියමිත බවට හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය නිවැරැදි බවත් 22-23 දිනවල‍ට පෙර පැමිණීමට‍ නියමිතව තිබූ පෙට්‍රල් නෞකාවට පෙර ගෙවීමක් කිරීම සඳහා බාධා නොකරන්නේ නම් අදාළ ගෙවීම් කර 13-15 අතර පෙට්‍රල් නෞකාවක් ගෙන ඒමේ හැකියාව පවතින බව ද ඇමැතිවරයා කීය.

එම ‍පෙට්‍රල් නෞකාවට ගෙවීම වෙනුවෙන් මහ බැංකුව ඩොලර් මිලියන 26ක මුදලක් සූදානම් කර ඇති බව ද ඇමතිවරයා අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published.