පුටින් සමඟ කළ සාකච්ඡා ඵලදායකයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

අතීත අභියෝග ජය ගැනීම සඳහා රුසියානු රජය දුන් සහයෝගයට ස්තූති කර ඇති ජනාධිපතිවරයා, වත්මන් ආර්ථික අභියෝග පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය කිරීමට ණය ආධාරයක් දෙන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම නැවත දැනුම්දෙන තුරු අත්හිටු වූ එරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ පැවැත්වූ දුරකතන සාකච්ඡාවකදී ඉල්ලීමක් ද කර ඇත.

දෙරට අතර මිතුදම ශක්‌තිමත් කර ගැනීම සඳහා සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතික අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එකඟතාව පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published.