ජවිපෙ හොඳ අවබෝධයක් තිබෙන දේශපාලන පක්ෂයක් – ඇමරිකානු තානාපතිනිය

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවීම පිළිබඳව එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් සිය අදහස් පළකර තිබෙනවා. ඇය කියන්නේ ඇමරිකානු ප්‍රතිපත්ති, ආයෝජන ව්‍යාපෘති, වැඩසටහන් හෝ වෙනත් ආධාර සම්බන්ධයෙන් ඔහුට කිසියම් ප්‍රශ්නකාරී තත්වයක් ඇති වූ විට ඇයව සම්බන්ධ කර ගන්නා ලෙස තමන් ඔහුගෙන් ඉල්ලා සිටින බවයි. දෙපාර්ශ්වයටම ඒ ආකාරයෙන් වැරදි තොරතුරුවලින් ගැලවිය හැකි බව ඇය පවසනවා.

ඇය කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ විශාල පැවැත්මක් සහ වැඩිවන ජනප්‍රියත්වයක් ඇති පක්ෂයක් බවයි.

“මම මුලින්ම ආපු වෙලාවේ මගේ කාර්යය මණ්ඩලයට කිව්වා මම සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සමාජ, ශිෂ්‍ය කණ්ඩායම් සහ ආගමික කණ්ඩායම් හමුවීමට වග බලා ගන්න කියලා. අපි එක කණ්ඩායමක් සමඟ මුණ නොගැසීම, වෙනත් කිසිවකු දුරස් කිරීම වැදගත් වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හොඳ අවබෝධයක් තිබෙන දේශපාලන පක්ෂයක්” බව ඇය කීවා.

Leave a Reply

Your email address will not be published.