පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හෙට (08) සහ අනිද්දා (09) දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණය එහිදී සඳහන් කර ඇත්තේ අපරාධයක් සිදුවූවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල ඇති හෙයින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.

කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published.