මේ ඇරඹෙන්නේ ඔබේ,අපේ අරගලයයි- රටේ හෙට දවසයි

ගාලු මුවදොර මහජන අරගලය ආරම්භ වී මාස 03ක් ගත වනවා ජුලි 09 වන දිනට. මෙම අරගලය නව මුහුණුවරකින් හෙට දවසේ ආරම්භ කිරීමට නියමිත අතර ඒ පිළිබදව කරුණු දැක්වීම සදහා අරගල භූමියේදි අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවා තිබු අතර එහිදී අදහස් දැක්වු කොස්වත්තේ මහානාම හිමි,

ගාලු මුවදොර මහජන අරගලය ආරම්භ කරල මාස 03ක් වෙනව ජුලි 09 වනදිනට.මෙම මාස 03 සම්පුර්ණ වන ජුලි 09 දිනයේ ගෝටා ගෝ හෝම් සටන් පාඨය තීව්‍ර කරමින් ලංකාවාසී සියලු ජනතාවට අරගලයට ආරාධනා කරමින් මෙම අරගලය නැවුම් ආකාරයකින් නැවත ආරම්භ කරන්න අප බලාපොරොත්තු වනවා. මෙම අරගලය ආරම්භ වුනේ සාමකාමී වගේම ජාති,පක්ෂ,ආගම් භේදයන්ගෙන් තොරව සියලු ජනතාව ශ්‍රීලාංකිකයි යන තේමාව යටතේ ගොඩ නගා ගත් සටන් ක්‍රියාමාර්ගයකින්.මේ සටනින් අපට හැකියාව ලැබුනා රාජපක්ෂ කල්ලියේ බොහෝ පිරිසක් පලවා හැරීමට.මේ රාජපක්ෂ කල්ලියේ ප්‍රධානියා ගෝඨාභය රාජපක්ෂ පැන්නීමේ සටන මෙම මස 09 වනදා අප ආරම්භ කරනවා.අපි රටේ ජනතාවට ආරාධනා කරනවා සාමකාමීව මේ අරගලය පවත්වාගෙන ආවාසේම ඉදිරියටත් මේ අරගලය සාමකාමීව පවත්වා ගෙන යමු කියලා.මේ අරගලය අප නිමා කරන්නේ 74 වසරක දුෂිත දේශපාලකයන් හොරා කාපු ධනය නැවත පවරා ගැනීමකින්.එවැනි පාලනයක් ගොඩ නැගීමකින්.

හෙට දවසේ මේ අරගලය ශක්තිමත් කරන්න රටේ සියලු ජනතාවට අප ආරාධනා කරනු ලබනවා.මෙය ඔබේ අරගලය,අපේ අරගලය, රටේ හෙට දවසයි.

කරීමට හැකි

Leave a Reply

Your email address will not be published.