යුපුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂයක්

යුපුන් අබේකෝන් වෙත වසරකට අමෙරිකානු 50,000 බැගින් වසර දෙකක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව වසර දෙක සඳහා යුපුන් අබේකෝන් හට හිමිවන අනුග්‍රාහකත්වය අමෙරිකානු ඩොලර් 100,000 කි.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36කට ආසන්නය.

ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සහ අපේක්ෂා රෝහල වෙත මුදල් ප්‍රදානය සිදුකිරීමේ අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත අමෙරිකානු ඩොලර් මිලියනයක් සහ අපේක්ෂා රෝහල වෙත අමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීම ද එහිදී සිදුවිය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රුපියල් මිලියන 22.5ක මුදලක් ලබාදීම එහිදී සිදුකරනු ලැබීය.

එම පරිත්‍යාගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 719කට ආසන්නය.

එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තරග සංචාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලද රුපියල් මිලියන 120ක මුදල ක්‍රීඩා අමාත්‍යංශය වෙත පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර ඉදිරියේදී ඖෂධ මිලදී ගැනීම සඳහා ඉදිරියේදී ජාතික රෝහලට පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.