අන්තරේට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගයක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද සහ හෙට දින ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

Leave a Reply

Your email address will not be published.