පොහොර නැවක් අද එයි බෙදාහැරීම හෙට සිට

පොහොර මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් නෞකාවක් අද (9 දා) දහවල් මෙරටට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

පොහොර නෞකාව පැමිණීමෙන් පසුව හෙට (10 දා) සිට කඩිනමින් දිවයින පුරා පොහොර බෙදාහැරීම් කටයුතු සිදුකරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. මේ වනවිට ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.