පොහොර නෞකාව දිවයිනට පැමිණේ

මීට ටික වේලාවකට පෙර (09) පොහොර රැගත් ඉන්දීය නෞකාව මෙරටට ළඟා වී තිබෙනවා.

ඒ අනුව පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට අද දිනයේ දී හිමිවුණා.

යූරියා පොහොර තොගය හෙට (10) දිනයේ සිට බෙදාහැරීමට ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

මෙම පොහොර නෞකාව ඉන්දීය ණය ආධාර යටතේයි මෙරටට හිමිවුණේ.

Leave a Reply

Your email address will not be published.