වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් පක්ෂය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තම පක්ෂය කණසල්ලෙන් පසුවන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අභියෝග,අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම,අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විශාල දුෂ්කරතා සහ පීඩාවන්ට මුහුණදීමට සිදු වී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.ශ්‍රී ලංකා ජනතාවට වත්මන් අභියෝග ජයගැනීමට හැකිවෙතැයි කොංග්‍රස් පක්ෂය විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාවට සහ ජනතාවට කොංග්‍රස් පක්ෂයේ සහයෝගය හිමිවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.වත්මන් දුෂ්කරතා වලට මුහුණදීමට ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ජනතාවට සහ රජයට අඛණ්ඩව සහාය වනු ඇතැයි කොංග්‍රස් පක්ෂය බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.