ගෑස් ටොන් 3,700ක් රැගත් නැව පැමිණෙයි

  • ගෑස් බෙදාහැරීම කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ඊයේ (10) පස්වරුවේ ළඟා විය.

ඒ අනුව පළමු නෞකාව ඊයේ පස්වරු 3.00ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවැනි නෞකාව අද (11) සවස පැමිණීමට නියමිතව තිබේ. ‍

Leave a Reply

Your email address will not be published.