වගකීම් නව රජයකට භාර දීමට අමාත්‍යවරුන් සූදානම්

සර්ව පාක්ෂික රජයක් පිහිටවීමට එකඟ වූ වහාම, එම රජයට වගකීම් භාර දීමට සූදානම් බව සියලුම අමාත්‍යවරු පවසති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය මණ්ඩලය සමග අද(11) පැවැති සාකච්ඡාවක දී එම එකඟත්වයට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අදාළ සාකච්ඡාව අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published.