ශ්‍රී ලංකාවේ ජීවත් වන දුප්පත් මිනිසුන්ගේ හැඩීම් නොසලකා නොහරින ලෙස තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ආර්ථික හා දේශපාලනික අස්ථාවරභාවයෙන් පීඩා විඳින සියලුම ශ්‍රී ලාංකික ජනතාව සමඟ තමා සිටින බවත් ඒ ශෝකය හා වේදනාව ඔවුන් සමඟ බෙදා ගන්නා බවත් එහි සඳහන් කර තිබේ.
රටේ ජනතාවට අවශ්‍ය සාමය සඳහා කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ලාංකික රදගුරුවරුන් සමඟ තමාද ජනතාවට සාමය ලබා දෙන ලෙස ආයාචනා කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.