ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවම ලැබී නෑ -කථානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව අද (13) දිනයේදී දැනුම්දීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

එය මේ දක්වා තමා වෙත ලැබී නැති අතර, ලිපිය ලැබුණු වහාම නිල වශයෙන් රටට නිවේදනය කරන බව කථානායනවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පසුගිය 09 වැනිදා කථානායකවරයා වෙත දැනුම්දී තිබුණි.

ඒ අනුව ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු වහාම අද දිනයේ එය නිල වශයෙන් ප්‍රකාෂයට පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.