ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විශේෂ ඉල්ලීමක්

රට තුළ නීතිය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා සහාය වෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා

“ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම අද දිනයේදී කථානායකවරයා අප වෙත දන්වා සිටිනු ලැබුවා. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම අද දිනයේදී සිදුවන බවට එතුමා විසින් අපට තහවුරු කරනු ලැබුවා. එහිදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ අස්වීමත් සමඟ ඉදිරියේදී පත්වීමට නියමිත ජනාධිපතිවරයා පත්වනතුරු කාලසීමාව තුළ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි එතුමත් එක්ක සාකච්ඡා කරනු ලැබුවා. ඒ අනුව විශේෂයෙන්ම තිවිධ හමුදාපතිවරුනුත් පොලිස්පතිතුමත් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා, සියලුම පක්ෂ නායවරයන්ගේ රැස්වීමක් කැඳවා එහිදී දේශපාලන වශයෙන් ඉදිරි ජනාධිපතිතුමා පත්කරගන්නාතුරු කාළසීමාවේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිළි කිරීමක් කරලා දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ අප වෙත දැනුම්දෙන ලෙස ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ තීරණ අද දිනයේ සවස් භාගයේදී විශේෂයෙන්ම කථානායකවරයාත් පක්ෂනායකවරුන් විසිනුත් රටේ මහජනතාව වෙත ප්‍රකාශ කරන බවට අපිට විශ්වාසයි මේ අනුව මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම තරුණ ජනතාවගෙනුත් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත්කරලා ඊළඟ ජනාධිපතිතුමා පත්වන තුරු ඉතාමත් සාමකාමීව රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසියට සහයෝගය ලබාදෙන්න විශේෂයෙන්ම පෞද්ගලික හෝ රජයේ දේපළ විනාශ නොකර මේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට රටේ සාමය පවත්වාගෙන යාමට ඔබගේ සියලුම ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපිට සහයෝගය ලබාදෙන්නට කියලා.”

Leave a Reply

Your email address will not be published.