ලෝක ධනවතාට එරෙහි ව ට්විටර් සමාගම නඩු මඟට

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට එරෙහි ව නඩු පැවරීමට ට්විටර් සමාගම කටයුතු කර තිබෙනවා. ඒ, ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගම මිල දී ගැනීම සඳහා වන ගිවිසුමෙන් මොහු ඉවත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්. විදෙස් වාර්තා සදහන් කළේ, ට්විටර් සමාගම ඩෙලවෙයර් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, ට්විටර් සමාගම මිල දී ගන්නා ලෙස ඔහුට බල කරන ලෙස යි.

Leave a Reply

Your email address will not be published.