අගමැති රනිල් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස අද(15)දිවුරුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කරයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022-07-14 දින සිට නිත්‍යානුකූල ලෙස ජනාධිපති ධුරයෙන් ඉවත් වූ බව අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය.

ඒ අනුව ඉන් හිස් වන ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published.