චීනයේ වූහාන් නගරයේ ආහාර වෙළඳපොළක අලෙවියට තිබූ කැස්බෑ මාංශවල කොළරා බැක්ටීරියාව අඩංගු බවට සොයාගෙන තිබෙනවා.
මීට පෙර වූහාන් නගරයේ සිසුවෙකුගෙන් කොළරා බැක්ටීරියාව හඳුනාගැනීමත් සමඟයි මෙලෙස කැස්බෑ මාංශ අතර තිබී එම බැක්ටීරියාව සොයාගෙන ඇත්තේ.
කොළරා බැක්ටීරියාව වූහාන් නගරයේ කැස්බෑ මාංශ අතරින් හඳුනාගැනීමත් සමඟ එම නගරයේ කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ සමයේ මෙන් වූහාන් වැසියන් දැඩි ලෙස භීතියට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් වූහාන් ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ආහාර වෙළඳපොළ විෂබීජහරණය කර ඇති බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.
2022-07-15