ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි

ඩිමෝක්‍රටික් පක්‍ෂ නායකගෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂයේ නායක ශ්‍රීමත් ෂඩ් ඩේව් මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බලපා ඇතැයි හෙතෙම පෙන්වා දී ඇත. බදු කප්පාදු කිරීම, අධික ආරක්‍ෂක වියදම්, දූෂණ වංචා ආදියට ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ හිතවතුන්ද වගකිවයුතු බවත් ඒ මහතා කියා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ නිසා ජාත්‍යන්තර වරෙන්තුවක් මත රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය මැදිහත්විය යුතු බවද ඉන් නොනැවතී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා මැදිහත් විය යුතු බවද ඩිමෝක්‍රටික් පක්‍ෂයේ නායකයා පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පූර්ණ ආර්ථාන හා දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවද ඒ මහතා කියා ඇත.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට සහාය වන ලෙසත් ලිබරල් ඩිමෝක්‍රටික් නායක ශ්‍රීමත් ෂඩ් ඩේව් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published.