දකුණු කොරියාවේ නිෂ්පාදන අපනයනය අවදානමක

දකුණු කොරියාවේ සැපයුම් දාමය යළි අර්බුදයකට ලක් වනු ඇතැයි එරට ප්‍රධාන නිෂ්පාදන ආයතනය සැක පහළ කර ඇතැයි වාර්තා වේ. ආර්ථික සමීක්ෂණයකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වසරේ ඉතිරි භාගය තුළ දකුණු කොරියාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ද අනාවැකි පළ වී ඇත.

දකුණු කොරියාවේ සැපයුම් දාමයට බාධා කිරීම් සම්බන්ධව වැඩි ඉඩකඩ ඇති කලාපයක් ලෙස චීනය හඳුනාගෙන ඇති බවත්, නිෂ්පාදන සහ ආනයන අනුව දකුණු කොරියාවේ සැපයුම් දාමයට ඇති විශාලතම අවදානම සහිත රට චීනය බවත් මේ සම්බන්ධව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට වඩා පිළිගෙන ඇතැයි දකුණු කොරියාවේ නිෂ්පාදන සංසදය කළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. ලොව දෙවැනි හොඳම ආර්ථිකය ලෙස සැලකෙන චීනය අපනයනය අතින් ද ඉදිරියෙන් පසු වන අතර, දකුණු කොරියාවේ සැපයුම් දාමයට වැඩිම බලපෑම චීනයෙන් සිදුවන බව හඳුනා ගත් එම සමීක්ෂණය සිදු කිරීමට ආයතන දහසක් සම්බන්ධ කරගෙන තිබිණි. එහෙත් ප්‍රතිචාර ලැබී ඇත්තේ ආයතන 150කින් පමණි.

Leave a Reply

Your email address will not be published.