බුම්රා ලෝකෙටම ලොක්කා දිමුත් 7 වැනියා

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා සමත් වෙයි. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 19කට කඩුලු 6ක් බිඳ දමමින් සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කරමින් පෑ දස්කම් හේතුවෙන් 28 හැවිරිදි බුම්රාට අයිසීසී ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5ක් ඉදිරියට එමින් පළමු තැන ගැනීමට හැකි විය.

ඒ සමඟ නවසීලන්ත වේග පන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට් දෙවැනි ස්ථානයට වැටුණු අතර, තෙවැනි තැන පාකිස්තානයේ ෂහීන් ෂා අෆ්රිඩිට හිමිව ඇත. ජොෂ් හේසල්වුඩ් සහ මුජීබ් උර් රහ්මාන් ද පළමු 5 දෙනා අතර සිටිති.

මේ අතර, නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්ව අනුව පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වෙද්දී, ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 19ක් ඉදිරියට එමින් 29 වැනි ස්ථානය අත් කර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.