අභිනව ජනපති තෝරන කාලයේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කරයි

අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාල සීමාවේදී පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

කථානායක මහින්ද යාපා අ‍බේවර්ධන මහතා හා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාර ප්‍රධානීන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව වැඩි කර ඇත. මේ අනුව ජනාධිපති ධුරය පුරප්පාඩු වූ බවට ප්‍රකාශය කළ ඊයේ (15) දිනයේ සිට අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 20 වැනිදා දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට පියවර ‍ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් සහ හමුදා කණ්ඩායම් සහ කැරලි මර්දන කණ්ඩායම් කැඳවීමටද පියවර ගෙන ඇත.

එමෙන්ම විශේෂ ආරක්ෂිත පියවරක් ලෙස පිටස්තර අමුත්තන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත මෙම දිනවලදී පැමිණීම ද නවතා දැමීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.