අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි නාහිමියෝ මන්ත්‍රීවරුන්ට කියති
ජනපති හා අගමැති ධුරවලට සුදුසු පුද්ගලයන් තෝරා පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටේ ස්ථාවරත්වය පිළිබඳව සිතා පක්ෂ දේශපාලනයෙන් තොරව හෘදය සාක්ෂියට එකඟව තීන්දු තීරණ ගැනීම වැදගත් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
සියලු කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව සාමකාමී ලෙස සිදු කර ගැනීම මේ මොහොතේ ඉතා වැදගත් බවත්, සාමය ආරක්ෂා කර ගනිමින් රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සියලු දෙනාගේ මූලික වගකීම බවත් උන්වහන්සේ පැවසූහ. රටේ ඇතිවෙමින් තිබූ ව්‍යසනකාරී හා අස්ථාවර තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ අවස්ථා කිහිපයකදීම කරුණු ඉදිරිපත් කළත් ඒවා සම්බන්ධයෙන් කිසිඳු අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නොතිබුණු බව කී උන්වහන්සේ, මේ හේතුවෙන් රට දිනෙන් දින ව්‍යසනකාරී තත්ත්වයකට ගමන් ගත් බව ද අවධාරණය කළහ. යළිත් රටේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති නොවීමට බලපාන සියලු හේතු කාරණා සම්බන්ධව අවධානය යොමු කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් බව ද උන්වහන්සේ කියා සිටියහ.