බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමේ කෙසල්ගමුව ඔය රක්ෂිතයේ බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි තිදෙනක් ඊයේ (15) බගවන්තලාව පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20,30 සහ 44 වන සැකකරුවන් තිදෙනෙක්.
මොවුන් විසින් මැණික් ගැරීම සඳහා භාවිතයට ගත් උපකරණ ද බගවන්තලාව පොලිස් බාරයට ගෙන තිබෙනවා.
මෙමෙ සැකකරුවන් තිදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 19වැනි දා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමට නියම කොට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published.