දිනය නිමා වන විට පාකිස්ථානයට මුල් කඩුළු දෙකක් අහිමි වෙයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක් දින තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම දිනය නිමා වන විට කඩුළු දෙකක් දැවී ලකුණු 24ක් ලබා සිටිනවා.
ඒ ශ්‍රී ලංකා පළමු ඉනිම ලෙස සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 222ට පිළිතුරු වශයෙන්.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම කඩුළු 8ක් අතැතිව ලකුණු 198ක් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පසුපසින් සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය විසින් එම කඩුළු දෙක දවා ගත්තා.
ඒ අනුව දිනය නිමා වන විට කඩුල්ලෙ රැඳී සිටින්නේ නායක බාබර් අසාම් සමගින් අසාර් අලී.
හෙට තරගයේ දෙවැනි දිනය යි.

Leave a Reply

Your email address will not be published.