ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් හදිසි ඖෂධ ආධාරයක්

ශ්‍රී ලංකාවේ ජනතාවට එක්සත් ජනපදයෙන් අමෙරිකානු ඩොලර් 908,547 ක් වටිනා හදිසි ඖෂධ ආධාරයක් ලබා දෙයි.

ශ්‍රී ලංකා වොෂින්ටන් තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාට් ටු හාට් ජාත්‍යන්තර ආයතනය  විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්  මේ බව සදහන් කළේය.

අමෙරිකාවේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමට අනුව, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ, අමෙරිකාවේ සුප්‍රසිද්ධ ගෝලීය මානුෂීය සංවිධානයක් වන ‘හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල්’  ආයතනය විසින් මෙම හදිසි ඖෂධ ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ සෞඛය අංශ වෙත පරිත්‍යාග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන්, හාට් ටු හාට් ඉන්ටර්නැෂනල් හි වියදමින් මෙම පළමු ඖෂධ සැපයුම් තොගය ජූලි 13 වැනිදා ගුවන් මගින් කොළඹට ළඟා විය.

ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදු වියදමකින් තොරව එම තොගය වහාම බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබෙනු ඇත. 

ශ්‍රී ලංකාවේ ජනතාවට ජාත්‍යන්තර ආධාර සහ ඖෂධ සැපයීම අත්‍යාවශ්‍ය මොහොතක එයට සහය වීම පිළිබඳව හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල් ආයතනයට අමෙරිකාවේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කෘතඥතාව පළකර සිටියි. 

Leave a Reply

Your email address will not be published.