වාහන කීපයක් පාවිච්චි කරන සමාගම්වලට ‘ජාතික ඉන්ධන බලපත්‍රය‘ නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් යෙදවුමේ ඉදිරියේදී වෙනස්කම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය.
සමාගම්වලට වාහන කීපයක් ලියාපදිංචි කළ හැකි ආකාරයට යෙදවුම වැඩි දියුණු කරන බව ද අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.