‘‘දූෂණය මැඩලන හැටි අරගලකරුවන්ට දැනුම් දෙනවා‘‘

සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සදහන් “මහජන කවුන්සිලය”ඉතා ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබේ.

වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ද අරගලකරුවන් දිගින් දිගටම චෝදනා නගමින් සිටින අතර ඉදිරියේ දී ආණ්ඩුව දුෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව ද වැඩබලන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන බවයි.ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙන බව ද වැඩබලන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.සැබෑ අරගලකරුවන් ප්‍රචන්ඩ ක්‍රියා නොකරන බව තම විශ්වාසය බව ද වැඩබලන ජනාධිපතිවරයා එහිදී කීය.

Leave a Reply

Your email address will not be published.