යාපනය – චුන්නාකම් ප්‍රදේශයෙන් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙයි

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ඉතා අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ පාසල් දැරියක් සියදිවි නසා ගැනීමේ පුවතක් සම්බන්ධයෙනුයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 14 හැවිරිදි චුන්නාකම් ප්‍රදේශයේ ම පදිංචි දැරියක්.
ඇය ඊයේ (16) දිනයේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිවසෙහි බාල්කයක එල්ලීමෙන් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ එස්.සින්දුජා නමැති දැරියයි.
නමුත් ඇයගේ සියදිවි නසා ගැනීමට මෙතෙක් හේතුවක් හෙළි වී නැහැ.
මෙම සියදිවි හානි කරගැනීම ඇය විසින් සිදු කරගෙන ඇත්තේ නිවසෙහි කිසිවෙකු නොමැති අවස්ථාවේදී බවයි පොලිසිය පැවසුවේ.
මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මේ වනවිට යාපනය රෝහලට භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published.