ජනතාවගේ ජීවන බර අවම කිරීමට කඩිනම් සහන වැඩපිළිවෙළක්

ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය  අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරිමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අද(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා මෙම තිරණය ගෙන ඇත.

ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන  සහන අයවැයෙන් ඒ සදහා තවත් අතිරේක මුදල් යෙදවීමට තිරණය කර තිබේ.

අහාර සුරක්ෂිතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාව දි වැඩබලන ජනාධිපතිතුමා උපදෙස් දී ඇත. 

විශේෂයෙන්ම ඉන්ධන සහා පොහොර ක්‍රමවත්ව මෙන්ම  කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට  සකස් කර දිම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යොජනා වී තිබේ.

Leave a Reply

Your email address will not be published.