චීනයේ සංචාරක නිකේතනයක කොරෝනාවෛරස ආසාදිතයින් 500ක්

චීනයේ ග්වැන්ක්ෂි ප්‍රදේශයේ සංචාරක නිකේතනයකින් දින පහක් තුළ කොරෝනාවෛරස ආසාදිතයින් 500ක් පමණ වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අසාමාන්‍ය ලෙස ආසාදිතයන් ගණන ඉහළ යාම හේතුවෙන් සංචාරකයින් 2,000කට වැඩි පිරිසක් බෙයිහායි නගරයේ සිර වී සිටින බව ය.

Beihai, Nanning, Guilin, Hezhou සහ Chongzuo ඇතුළු නගර ගණනාවකට මෙම වෛරස ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ජූලි 12 වන දා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් බෙයිහායි නගරයෙන් වාර්තා වී ඇති අතර ජූලි 16 වන දා වන විට දේශීය වශයෙන් වෛරසය ආසාදනය වූ රෝගීන් 9 දෙනෙකු සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් 444 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, බෙයිහායි නරගයෙන් වාර්තා වූ රෝගීන් හැරුණු කොට ස්වයං පාලන කලාපයේ අනෙකුත් නගරවල රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් 30 දෙනෙකු වාර්තා වී ඇති බව ය.

Leave a Reply

Your email address will not be published.