ඉදිරියේදී බලාපොරොත්තු නොවන ව්‍යවසනයක් ඇති වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවයි.
ඔහු සඳහන් කළේ, ලොවපුරා ව්‍යාප්ත වන නව කොවිඩ්-19 ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් පවතින බව ය.
කොවිඩ් වසංගත අවසන් වී නොමැති අතර ඉදිරියේදී එය මෙරටට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් සෞඛ්‍ය මාර්ගොපදේශ නැවතත් පෙර පරිදි පිළිපදින ලෙස ඔහු මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
මේ වන විට මෙම නව කොවිඩ් ප්‍රභේදය රට තුළට ඇතුළු වී ඇතැයි ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බව රෝහණ මහතා සඳහන් කළේ ය.
මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
“ජාපානය, ඔස්ට්‍රේලියාව, පකිස්තානය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල රෝගීන් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගිහින් තියනවා. මරණ සංඛ්‍යාව ත් සැලකිය යුතු මට්ටමින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ලංකාව ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ වෙන කොට ලංකාවේ කිසි ම ඇතුළු වන ස්ථානයක ඇන්ටිජන් හෝ කිසිදු පරීක්ෂණයක් සිදු කරන්නේ නැහැ.
ඒ නිසා අපට තහවුරු නැහැ රට තුළට මේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඇතුළු වුණා ද? නැද්ද? සම්බන්ධයෙන්. නමුත් අපිට යම් යම් රෝග ලක්ෂණ සහිත සැකකටයුතු රෝගීන් හමු වෙනවා. එය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු මේ වෙද්දී ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ.”