මාගල්ල දුම්රිය අනතුරින් එක් අයෙක් මරුට

ගාල්ල  මාගාල්ල ගංගාරාම  දුම්රිය හරස් මාර්ගයේදී  කාර්රථයක් දුම්රියක ගැටිමෙන් කාර්රථයේ ගමන්ගත් දස හැවිරිදි දැරියක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති බව  ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙම කාර්රථය ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන්කරමින් තිබි ඇත. කාර්රථයේ රියදුරු විසින් කාර් රථය දුම්රිය හරස්මාර්ගය හරහා දැමිමේ දි දුම්රියේ ගැටි ඇති බව පොලිසිය පවසයි.

 දුම්රිය මාතර සිට වවුනියාව බලාධාවනය වන දුම්රියේ ගැටී මෙම අනතුර සිදුවී තිබෙයි.

 මොවුන් ගාල්ල ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර කුඩා දරුවකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

තුවාලකරුවන්ගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මංගල උත්සවයකට සහභාගිවිම සදහා යමින් සිටියදි මෙම අනතුරවි ඇති බව ගාල්ල වරාය පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published.