ඉන්ධන මිල තීරණය කරන්න අපිට අවසර දෙන්න – ජනක රත්නායක

ඉන්ධන සදහා නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා ⁣කොමිසමට භාර දෙන්නැයි එහි සභාපති ජනක රත්නායක රජයෙන් ඉල්ලීමක් කරනවා.‍
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල් 10 ක් 20 වැනි සුළු මුදලකින් ඉන්ධන මිළ අඩුකර ජනතාව මුළා කිරීමට රජය කටයුතු නොකළ යුතු බවයි.
සාධාරණ පිරිවැය ජනතාවට දැන ගත හැකි වන ආකාරයට ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ද තොරතුරු ඉදිරිපත් කර ඇති අතර සත්‍ය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තමා මීට පෙර ඉදිරිපත් කළ දත්ත නිවැරදි බවට මුදල් අමාත්‍යාංශය විසින්ද තහවුරු කර ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.