පාර්ලිමේන්තු අවට ආරක්ෂාව තර කෙරේ

මේ න විට පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇති බව වාර්තා වෙයි

ඒ පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව පවතියි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට (19) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.

ඒ අනුව හෙට දිනයේ ජනාධිපති ධූරය සදහා නාම යෝජනා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිත අතර අනතුරුව ඔහු විසින් එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත්කරනු ඇත.

මීට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) දිනයේ දී පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ලෙස පැවැත්වෙනු ඇති.

Leave a Reply

Your email address will not be published.