රනිල්ට සහාය දෙන්න පොහොට්ටුවේ බහුතරය කැමතියි

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පොහොට්ටුවේ බහුතර සාමාජිකයන් එකඟ වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී දිස්ත්‍රික් මට්ටමින් පවා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට කැමැත්ත පළ වූ බවද එහි සඳහන් වේ.

පොදුජන පෙරමුණේ සභාපත මහාචාර්ය ජී එල් පීරිස් මහතාට හා ඩලස් අලහප්පෙරුම මහතාට මේ පිළිබඳ සහභාගිවීමට දැනුම්වත් කළ බවත්, ඔවුන් නොපැමැණි බවත්, ඩලස් අලහප්පෙරුම මහතා රෝහල් ගතවන බව දන්වා ඇති බවත් සාගර කාරියවසම් මහතා පැවසීය.

මේ තත්ත්වය යටතේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමේ කිසිදු වෙනසක් නොමැති බවද සාගර කාරියවසම් මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තීරණය කළේ පක්ෂ නායකත්වය සහ සියලු දිස්ත්‍රික් නායකයන්ගේ එකඟත්වයෙන් බව කියා සිටි සාගර කාරියවසම් මහතා රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවට සිය පක්ෂයේ බහුතර මතය තිරණය කළ බව වැඩිදුරටත් පැවැසීය.

එමෙන්ම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා යොමු කළ ලිපියට කඩිනමින් පිළිතුරු ලිපියක් යොමු කරන බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

ඊයේ (17) පැවැති සාකච්ඡාවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහභාගි වී නොසිටි අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊට සහභාගී වීමට නොහැකි බව ඩලස් අලහප්පෙරුම මහතා දන්වා ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

එම අවස්ථාවට සහභාගී නොවූ සියලු සාමාජිකයන්ට අවසන් එකඟතාවන් සම්බන්ධයෙන් ලිපියකින් යොමු කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published.