අනුප්‍රාප්තික ජනාධිපති පුටුවට නම් තුනක් යෝජනා වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ ජනාධිපති ධූරය සදහා නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට අදාළ නාමයෝජනා කැදවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු විය

මෙහිදි සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුප්‍රාප්තික ජනපති වශයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කළ අතර ජීල්.පීරිස් මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදි

මේ අතර පොදු ජන පෙරමුණේ අනුප්‍රාප්තික ජනපතිවරයා වශයෙන් දැනට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කීරීම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා  විසින් සිදු කළ අතර මනූෂ නානයක්කාර මන්ත්‍රීවරයා විසින් රම යෝජනාව ස්ථිර කළේය

ජාතික ජන බලවේගයේ  අනුප්‍රාප්තික ජනපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ නම විජිත කුමාර හේරත් මන්ත්‍රී තුමන් විසින් යෝජනා කළ අතර මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කර තිබෙයි

මේ අනුව කථානායකවරයා විසින් අදාළ නම් තුන ස්ථිර කර ඡන්ද විමසීම සදහා හෙට උදෑසන 10 තෙක් පාර්ලිමේන්තුව කල් තැබිණි

Leave a Reply

Your email address will not be published.