සිව් හැවිරිදි දැරිය කෘෘරත්වයට පත්කළ පියා අත්අඩංගුවට

සිය කුඩා දියණියට වදහිංසා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ මිත්තණිය විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත සිදුකළ පැමිණිල්ලක් මත සැකකරුව ඊයේ (18) මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අවුරුදු 4යි මාස 11ක් වයසැති කුඩා දියණියකට සිය පියා විසින් මෙලෙස වදහිංසා සිදුකර කෘෘරත්වයක් සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි. 

සැකකරු සහ ඔහුගේ බිරිඳ අතර දිගින් දිගටම ඇති වු ආරවුල් හේතුවෙන් මීට මාස 5කට පමණ පෙර දැරිය මිත්තණිය වෙත භාර දී කාන්තාව විදෙස් ගත වී ඇත.

ඉන් මාස දෙකකට පසුව දැරිය සැකකරු විසින් ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ.

පසුව දැරියට වදහිංසා සිදුකර ඒවා පටිගත කර සිය බිරිඳ වෙත යවා ඇති බව පෙලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර සැකකරු අද (19) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.