88 වන සාන්තුවරයින්ගේ මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වෙයි – තරගයේ වැඩි වාසි පීතරයින්ට

මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 88 වන සාන්තුවරයින්ගේ සටන අද කොළඹ පී.සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුනා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පීතර ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලබා ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිට මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් පැමිණි යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ජෝසප් ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 163ක් පමණයි.

අද දිනයට තරගය නතර කරන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන සාන්ත පීතර ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 29ක් ලබා සිටිනවා.

Leave a Reply

Your email address will not be published.