නව ජනපති දිවුරුම්දීම හෙට

රනිල් වික්‍රමසිංහ මහතා 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(21) දිවුරුම්දීමට නියමිතය. 

තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදුකරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් අද ඉල්ලා සිටියේය.

08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද තේරී පත් විය. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින්ය.

පැය 3 කට ආසන්න කාලයක් පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ප්‍රතිඵල නිකුත් කෙරුණි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

ඒ මහතා හා තරග වැදුනු ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 කුත් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද තුනකුත් ලබාගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published.