අනුර දිසානායක අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට අනුර දිසානායක පත්කර තිබෙයි.

එම පත්වීම් ලිපිය නව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අනුර දිසානායක වෙත අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලබා දෙනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩී.එම්. අනුර දිසානායක මීට පෙර වාරිමාර්ග, උසස් අධ්‍යාපනික තාක්ෂණය සහ නවෝත්පාදනය , මහවැලි සංවර්ධන හා පරිසර, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුරය හොබවා ඇත

අනුර දිසානායක මහතා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා  ලෙසද කටයුතු කර ඇති  රාජ්‍ය පරිපාලනයේ අත්දැකීම බහුල නිලධාරියෙකි

Leave a Reply

Your email address will not be published.