නව කැබිනට් මණ්ඩලය මෙන්න

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ කටයුතු මේ වනවිට කොළඹ අගමැති කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා  දිවුරුම්දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබීය.

ඒ අනුව එහිදී අමාත්‍යවරුන් ලෙස, 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු 
2) ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය 
3) සුසිල් ප්‍රේම්ජයන්ත මහතා – අධ්‍යාපන 
4) ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර 
5) මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම සහ වන සම්පත් සංරක්ෂණ
6) කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය සහ ජලසම්පාදන
7) ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
8) හරීන් ප්‍රනාන්දු මහතා 
9) වෛද්‍ය රමේෂ් පතිරණ මහතා 
10) ප්‍රසන්න රණතුංග මහතා
11) ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා 
12) විදුර වික්‍රමනායක මහතා
13) කංචන විජේසේකර මහතා
14) රොෂාන් රණසිංහ මහතා 
15) අහමඩ් නසීර් මහතා
16) මනූෂ නානායක්කාර මහතා 
17) ටිරාන් අලස් මහතා 
18) නලීන් ප්‍රනාන්දු මහතා 

දිවුරුම් දෙනු ලැබීය.

අදාළ අමාත්‍යවරුන් ඔවුන් මින් පෙර දැරූ අමාත්‍යධුරවලම දිවුරුම්දීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published.